දේශීයප්‍රමුඛ පුවත 1

ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ දප්පුල ද ලිවේරා අද පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද කරුණු සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (26) පෙරවරු 9.00 ට යළි රැස්වීමට නියමිතයි.

කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ පළමුවෙන් සාක්ෂි විමසීම සඳහා මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කැඳවීමට තීරණය කළ බවයි

ඉන්පසු නීතිපති දප්පුල ද ලිවේරා කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිත අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකුද කැඳවා ඇති බව තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කරයි.

ඊයේ (25) දිනයේදී තේරීම් කාරක සභාව හමුවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිළධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් , හිටපු පොලිස්පතිවරයෙකුවන එන් කේ ඉලංගකෝන් සහ බොදුබල සේනා සංවිධානයේ නියෝජිත ඩිලන්ත විතානගේ යන මහත්වරුන් සාක්ෂි ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තවත් ස්පුට්නික් V එන්නත් මිලියන 6 ක්

Mohamed Dilsad

ජනපතිවරණය අහෝසි කරන ලෙසට ඉල්ලූ පෙත්සම ප්‍රත්ක්ෂේප වෙයි

Mohamed Dilsad

පොල් ,පරිප්පු සහ අල සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment