ක්‍රීඩාප්‍රමුඛ පුවත 1

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට ධුරයෙන් ඉවත්වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී තිබේ.

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව රැස්වූ අතර මෙහිදී මෙම තීරණය ගෙන ඇත.

එසේම සෙසු පුහුණුකරුවන්ගේ කාලය දීර්ඝ නොකිරීමටද එහිදී තීරණය කර තිබේ.

බංග්ලාදේශ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සමස්ත පුහුණු කාර්ය මණ්ඩලයම ඉවත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබුණි.

මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන්නේ නීතිමය කරුණු විමසීමෙන් පසුව බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ පුහුණුකරුවකුට රජයෙන් යම් වැටුපක් ලබා දෙන්නේ නම් ඔහුගෙන් ඊට සාධාරණයක් ඉටු කල යුතු බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහබැංකු බැඳුම්කරයේ මහ මොළකරු ගැන හෙළි කිරීමක්

Mohamed Dilsad

නව ආයෝජන රැසක් පිළිබද සොයා බැලීමට පාකිස්ථාන ආයෝජකයින් කණ්ඩායමක් දිවයිනට

Mohamed Dilsad

කෝලි ලොව සියලු ක්‍රීඩකයින්ට ආදර්ශයක් දෙයි

Mohamed Dilsad

Leave a Comment