ප්‍රමුඛ පුවත 1

යාපනයේ කිතුණු දේවස්ථානයක සුරුවමක් කඩා දමයි

(UTV| කොළඹ) – යාපනය, කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයක පිහිටි සුරුවමක් කිසියම් පිරිසක් කඩා දමා ඇති බව වාර්තාවේ.

ඊයේ(23) මෙම සුරුවම කඩා දමා ඇති බව අප වාර්තාකරු පැවසීය.

දේව ප්‍රතිමා කිහිපයක් එලෙස කඩා දමා ඇති අතර අදාළ ප්‍රහාරය කවුරුන් විසින් සිදුකළේද යන්න සම්බන්ධයෙන් සොයා පරික්ෂණ මෙහෙයවන අතර, කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් දේව ප්‍රතිමා කඩා දමන්නට ඇති බව පොලීසිය සැක පළකරයි.

මීට පෙර අවස්ථා කිහිපයකදීද යාපනය, වඩ්ඩු‍කොඩ්ඩෙයි හා මන්නාරම ප්‍රදේශයන්ගේ පිහිටි දේව සුරුවම් කිහිපයක් කඩා දමා තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුරෝපා සංගමයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ඉදිරි පැය 24 දී මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට

Mohamed Dilsad

රයන් වැන්රෝයන් 02 වනදා තෙක් රිමාන්ඩ් භාරයට.

Mohamed Dilsad

Leave a Comment