ප්‍රමුඛ පුවත 1

උත්සව සමය හේතුවෙන් දිවයින පුරා ආහාර වැටලීම්

(උදයම්,කොළඹ)  – එළඹෙන උත්සව සමය හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙළඳසැල්, හෝටල් සහ ආපනශාලා පරීක්ෂා කිරීම සඳහා පියවර ගන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දෙයි.

ඊයේ සෞඛ්‍ය අමාත්‍යවරයා  සහ  ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව ඉදිරියේදී පිටකොටුව ප්‍රදේශයේ මෙන්ම දිවයින පුරා පිහිටි තොග ගබඩා මෙන්ම දුර ගමන් බස් නැවතුම්පලවල පිහිටි ආපනශාලාද පරීක්ෂාවට ලක් කිරීමට නියමිතය.

Related posts

කුවේට්හි සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය මිලියන 703 ඉක්මවයි

Mohamed Dilsad

රෙජීනොල්ඩ්ට හා නිලුකාට ජනපතිගෙන් නව තුනතුරු..

Mohamed Dilsad

Leave a Comment