ප්‍රමුඛ පුවත 1

අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක ගින්නක්

(උදයම්,කොළඹ)  – ඊයේ රාත්‍රියේ  වැල්ලම්පිටිය , අංගොඩ ප්‍රදේශයේ පිහිටි වාහන අංගනයක හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන් සහ කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන රථ යොදාගෙන ගින්න මැඩපැවැත්වා තිබේ.

ගින්නෙන් එහි තිබූ වාහන කොටස් වලටද හානි සිදුවී ඇත.

එම වාහන අංගනයේ ඊයේ පස්වරුවේ සිදුකළ විදුලි අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවට අනාවරණ වී ඇති බව පොලිසිය පවසයි.

Related posts

තැපැල්පති පුටුව හිස්වී මාසයක් ගතවෙයි

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

ජනාධිපති නීතිඥ ආරිය බණ්ඩාර රැකව මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment