ප්‍රමුඛ පුවත 1

රූමස්සලදී අනතුරටපත් නෞකාවේ ඇති ඉන්ධන ඉවත් කිරීම අදත්

(UTV| ගාල්ල) – ගාල්ල, රූමස්සල කඳු වැටිය ආසන්නයේ ගල් පර්වතයක හැපී අනතුරට පත්ව ඇති භාණ්ඩ ප‍්‍රවාහන නෞකාවේ ඉන්ධන ඉවත් කර ගැනීමේ කටයුතු අද (22) දිනත් සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සභාපති රියර් අද්මිරාල් රෝහණ පෙරේරා මහතා පැවසුවේ “ග්ලෝරි ටූ ගෝ” නෞකාව රූමස්සල කඳු වැටිය ආසන්නයේදී ඉන්ධන ටොන් 15 ක් සමග අනතුරට ලක්වුණි.

ඒ පසුගිය 18වැනිදාය.

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් මෙහි ඉන්ධන ඉවත් කිරීමේ කටයුතුවලට බාධා එල්ල විය.

මේ අතර ඊයේ (21) දිනයේදී පොම්පවල සිදුවූ දෝෂයක් හේතුවෙන් ඉන්ධන ඉවත් කිරීම තාවකාලිකව නතර කිරීමට සිදුවු බවද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හිටපු අගමැති දී.මු ජයරත්නට ජනපතිගේ අවසන් ගෞරවය

Mohamed Dilsad

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය අත්හිටුවයි

Mohamed Dilsad

අනවසරයෙන් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගන්නන්ට ඒවා භාරදීමට ලබා දී තිබු කාලය දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

Leave a Comment