ප්‍රමුඛ පුවත 1

දිස්ත්‍රික්ක හතකට නායයෑම් අනතුරු ඇඟවීම්

(UTV| කොළඹ) – දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ලවී තිබේ.

මෙහදී ඊයේ රාත්‍රියේ වැඩිම වර්ෂාපතනයක් වාර්තාවී ඇත්තේ නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් බව කාලගුණ අංශය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මාපකාංකවලට අනුව ඊයේ රාත්‍රියේ නුවරඑළිය,ඩන්කිල් වතුයායට සහ ලක්ෂපාන ප්‍රදේශවලට මිලිමීටර් 244ක වර්ෂාපතනයක් වාර්තා විය.

මිලිමීටර් 219ක වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩව ප්‍රදේශයට ඇද හැලූණු බව කාලගුණ අංශය සඳහන් කරයි.

එමෙන්ම, රත්නපුර, ඇලපාත, කිරිඇල්ල සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර අවදානම් සහිත ප්‍රදේශවල ජනතාවට වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙසට අපදාකලම්නකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කළුතර, මාතර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

මෙවර අපේක්ෂකයින්ගේ වියදම කෝටි 1000 ඉක්මවිය හැකියි

Mohamed Dilsad

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

Mohamed Dilsad

Leave a Comment