ප්‍රමුඛ පුවත 1

සරසවි සිසු විරෝධතාවයෙන් රථවාහන ධාවනයට බාධා

(උදයම්,කොළඹ)  – අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් ටවුන් හෝල් අවට අධික රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

සරසවි සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය ඉහළ දමන ලෙස සහ අදාළ පුරප්පාඩු පිරවීම යන ගැටලුවලට විසදුම් ඉල්ලා මෙම පාගමන සංවිධානය කර ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය  ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ 2015-2016 අධ්‍යයන වර්ෂයට ජාතික විශ්වවිද්‍යාල සඳහා පුරප්පාඩු 1269ක් පවතින බවයි.

ඒවාට පැමිණීමට සිසුන් ප්‍රමාණවත්ව සිටින නිසා ආණ්ඩුව විශේෂ වැඩපිළිවෙළක් ඒ වෙනුවෙන් සකස් කල යුතු බවත් සති කිහිපයක් ඇතුළත එම බඳවා ගැනීම් කළ යුතු බවත් ඔවුහු පවසති.

Related posts

නදිමාල් නිදහස්..

Mohamed Dilsad

අද ඌවේ පළාතේ සියලු රෝහල් සහ වෛද්‍යවරුන් වර්ජනයක…

Mohamed Dilsad

ජනපති, ජපානයේ වෙසෙන මුස්ලිම් ආගමික නායකයින් ඇතුළු නියෝජිත පිරිසක් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment