ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

(UTV| කොළඹ) – පවත්නා වැසි තත්ත්වය ඉදිරි දිනවලදීද තවදුරටත් බලාපොරොත්තු වනවාත් සමඟ සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක් පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කලහැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනයට ඊශ්‍රායලය සූදානම්

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

අගුණකොලපැලැස්සේ විරෝධතාවය මෙහෙය වූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

Leave a Comment