ප්‍රමුඛ පුවත 1

උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම්

(උදයම්,කොළඹ)  – උත්සව සමය ඉලක්ක කර ගනිමින් දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකරිය පවසයි.
විශේෂයෙන්  ආහාර ද්‍රව්‍ය, තෙල් වර්ග, ඇදුම් සහ විද්‍යුත් උපරකණ අලෙවි කරන ස්ථාන මෙහිදී විශේෂ පරීක්ෂාවට ලක් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
මෙහිදී භාණ්ඩවල ප්‍රමිතිය මෙන්ම කල් ඉකුත් වීමේ දිනය පිළිබද වැඩි අවධානයක් යොමු කරනු ඇත.මේ වන විටත් මෙම වැටලීම් සඳහා විශේෂ නිලධාරීන් යොදවා තිබේ.
වගකීම් සහතිකයක් නොමැතිව කිසිදු විද්‍යුත් උපරකණයක් විකිණිය නොහැකි වන අතර විද්‍යුත් උපකරණ සඳහා  මාස 6ක හෝ  වගකීමේ සහතිකයක් නිකුත් කිරීම අනිවාර්ය වන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සිදුවූ පිපිරීම් වලින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ බව හෙළි වෙයි

Mohamed Dilsad

ප්‍රභූවරුන්ගේ පමණක් නොවේ රටේ ජනතාවගේත් ආරක්‍ෂාව තහවුරුයි [VIDEO]

Mohamed Dilsad

චීනයේ “කුන්මින්” නගරයේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙළද ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා වෙළඳ කුටියක්

Mohamed Dilsad

Leave a Comment