ප්‍රමුඛ පුවත 1

පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය ඇමතිනිය දිවුරුම් දෙයි

(UTV|කොළඹ) – පළාත් සභා සහ පළාත්පාලන රාජ්‍ය ඇමතිනිය ලෙස ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය දිවුරුම් දෙයි.

අද(15) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේදී ඇය මෙලෙස දිවුරුම් දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණාය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහය දැක්වීම සඳහා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වුණි.

ජනාධිපති නිල නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර, දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙනියාම සඳහා ජනාධිපතිවරයාට සහය දෙන බවද මන්ත්‍රීවරිය මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ලලිත් වීරතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

උතුරේ පුනරුත්ථාපනය වූවන්ට වෘතීය පුහුණුව

Mohamed Dilsad

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment