ප්‍රමුඛ පුවත 1

අබ්දුල්ලා යළි රිමාන්ඩ්

(UTV| කොළඹ) –  ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඉබ්‍රාහිම් මොහොමඩ් ඉන්සාබ් නැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී  අත්අඩංගුවට ගන්නා ලද  අබ්දුල්ලා නැමති සේවකයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔහු ලබන 15 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේය.

මෙම සැකකරු අද(08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියට පැමිණවීමෙන් පසු ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේ එම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඒ අනුව සැකකරු ලබන 15 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද නියම කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාඨලීගේ සිද්ධිය ගැන පූජිත්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් අවසර

Mohamed Dilsad

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (10) CIDයට

Mohamed Dilsad

Leave a Comment