ප්‍රමුඛ පුවත 1

අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (10) CIDයට

(UTV| කොළඹ) – තරුණයින් 11 දෙනෙකු පැහරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අද (10) පෙරවරු 10 ට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටිමට නියමීතය.

මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාවික හමුදාවේ හිටපු ලුතිතන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙටිටිආරච්චිහට අධිකරණය මගහැර සිටිමට රවින්ද්‍ර විජේගුණරත්න මහතා උදව් උපකාර කර ඇති බවට පැහැදිලි සාක්ෂි පවතින බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය හිටපු නාවික හමුදාපතිවරයා සැකකරුට කුමන හෝ ආකාරයකින් ආධාර අනුබල ලබාදි ඇත්නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදෙස් මුදල් තොගයක් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දකුණේ පෙර පාසැල් ජුනි 03 වනදා දක්වා වැසේ

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අද යාපනේදී

Mohamed Dilsad

Leave a Comment