ව්‍යාපාරික

මෙරට තේ නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය සුදානම්

(උදයම්,කොළඹ) – මෙරට තේ නිෂ්පාදනය ප්‍රවර්ධන කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
මේ වන විට තේ මණ්ඩලය හරහා විදේශ රටවල තේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබුණ ද මෙරට තුළ එවැනි කටයුතු සඳහා පියවර ගෙන නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
ඒ අනුව ඉදිරියේදී තේ මණ්ඩලය හරහා දිවයින පුරා ගුණාත්මක තේ වෙළෙඳසැල් ඇති කිරීමට කටයුතු කරන බව නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
තේ සඳහා වෙනත් ද්‍රව්‍ය  මිශ්‍ර කිරීම තුළින් තේ අපවිත්‍රවීම හරහා තේ මිල පහලයාමේ තත්ත්වයක් මතුව ඇති බැවින් එය වැලැක්වීමට දැඩිව කටයුතු කරන බවයි.

Related posts

අප්‍රේල් සිට මැයි දක්වා උද්ධමනයේ අඩුවක්

Mohamed Dilsad

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි හිමියන් කියයි

Mohamed Dilsad

රුපියල් මිලියන 24,000ක බැඳුම්කර වෙන්දේසිය අද

Mohamed Dilsad

Leave a Comment