ව්‍යාපාරික

මෙරට තේ නිෂ්පාදනය ප්‍රවර්ධනයට රජය සුදානම්

(උදයම්,කොළඹ) – මෙරට තේ නිෂ්පාදනය ප්‍රවර්ධන කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.
වැවිලි කාර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙම අදහස් පළ කළේ නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.
මේ වන විට තේ මණ්ඩලය හරහා විදේශ රටවල තේ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමට පියවර ගෙන තිබුණ ද මෙරට තුළ එවැනි කටයුතු සඳහා පියවර ගෙන නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය .
ඒ අනුව ඉදිරියේදී තේ මණ්ඩලය හරහා දිවයින පුරා ගුණාත්මක තේ වෙළෙඳසැල් ඇති කිරීමට කටයුතු කරන බව නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
තේ සඳහා වෙනත් ද්‍රව්‍ය  මිශ්‍ර කිරීම තුළින් තේ අපවිත්‍රවීම හරහා තේ මිල පහලයාමේ තත්ත්වයක් මතුව ඇති බැවින් එය වැලැක්වීමට දැඩිව කටයුතු කරන බවයි.

Related posts

ටැක්සි සහ ත්‍රීරෝද රථ රියදුරන්ට පෙර නොවූ විරූ වාසි රැසක් සමඟින් ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන One Touch ජංගම දුරකථන යෙදවුම.

Mohamed Dilsad

අලුතින් ආනයනය කරන වාහන මිල ගැන ඉඟියක්

Editor O

තේ මිල පහළට

Mohamed Dilsad

Leave a Comment