ප්‍රමුඛ පුවත 1

සත්වෝද්‍යාන සේවකයන් වැඩ වර්ජනයකට සැරසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරියේදී අඛණ්ඩ වැඩවර්ජනයක් සිදුකරන බව පවසයි.

ඒ , අනතුරු දීමනාව සහ පැමිණීමේ දීමනාව ඉහළ නැංවීමට පියවර නොගතහොත් එම පියවර ගන්නා බවත් , ඊට සමගාමීව අද පෙරවරුවේ කෑම පැයේදී විරෝධතාවක්ද සංවිධාන කර ඇති බවත් එම සමිති එකමුතුවේ කැඳවුම්කරු එම්.කේ.එස්.කරුණාතිස්ස කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල නව සත්වෝද්‍යානය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ගෝනපොල ගොවිපලේ සත්වෝද්‍යාන සේවකයින් සිය සේවා ස්ථාන ඉදිරිපිටට පැමිණ එම විරෝධතාවය සිදුකිරීමට නියමිත බවයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

පොලීසියේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment