විදෙස්

පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව සොයා බැලේ

(උදයම්,දකුණු කොරියාව)  –  තනතුරෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවන් හේ  අත්අඩංගුවට ගැනීමට  ඇති හැකියාව පිළිබඳව එරට නීතිපතිවරයා අධිකරණයෙන් කරුණු විමසයි.

ඇයට දූෂණ චෝදනා එල්ලවී තිබීම ඊට හේතුවී තිබේ.

පාර්ක් ගුවෙන් හේ සිය තනතුරෙන් ඉවත් කිරීමට දකුණු කොරියානු අධිකරණය පසුගියදා තීන්දු කළේය.තනතුරෙන් ඉවත් කිරීමේදී ඇයට එරෙහිව නඩු පැවරීමට නොහැකිවන පරිදි පැවති ජනාධිපති වරප්‍රසාද ද අධිකරණය මගින් ඉවත් කෙරුණි.

කෙසේ වෙතත් දකුණු කොරියානු ඉතිහාසයේ මෙලෙස බලයෙන් ඉවත් කෙරුණු ප්‍රථම ජනාධිපතිනිය ද ඇයවේ.

Related posts

fb තහනම ගැන Facebook ආයතනය කියන කතාව

Mohamed Dilsad

නේපාලයේ බෝම්බ පිපිරීම් තුනක් – සිව් දෙනෙක් මරුට.

Mohamed Dilsad

දුම්රිය අනතුරකින් 6 දෙනෙකු මරුට (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment