ප්‍රමුඛ පුවත 1

‘අතකොටා’ ට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වේ

(UTV| කොළඹ) – නූරි වතුඅධිකාරී ඝාතනය චෝදනාවට වැරදිකරු වී මරණ දඬුවම නියම වී සිටින දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චම්පික විජේසිංහ නොහොත් අතකොටා නැමැත්තාට වසර 24ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කිරිමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කර තිබේ.

පුද්ගලයෙකුට වීදි රේඛා සහතිකයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 05 ක අල්ලසක් ඉල්ලීමේ චෝදනාවකට අදාළ අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් මෙම නියෝගය නිකුත් කෙරුණි.

එසේම චුදිතයාට තවත් රුපියල් 20000 දඬයක්ද, අල්ලස් ඉල්ලූ පුද්ගලයාට රුපියල් 25000ක වන්දි මුදලක්ද, තවත් ලක්ෂ 4ක දඬයක්ද නියම කළ බව අප අධිකරණ වාර්තාකරු කියයි.

මෙම දඬ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර 7ක සිර දඬුවමක්ද මහාධිකරණය විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දස දෙනෙකුට දිවි අහිමි කල මහියංගනයේ වෑන් රථ අනතුර

Mohamed Dilsad

රජයේ ආයතනවල වියදම් අවම කරන ලෙස චක්‍රලේඛයක් නිකුත් වේ

Mohamed Dilsad

පෞද්ගලික බස් සංගම් වර්ජනය ක්‍රියාත්මකයි.බස් ධාවනය සාමාන්‍ය පරිදි

Mohamed Dilsad

Leave a Comment