Trending News

ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

(උදයම්,කොළඹ) – ඉදිරි පළාත්පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

මේ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි පළාත් සභා හතේ මහ ඇමතිවරුන් සහ පළාත් අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හදිසියේම කොළඹට කැඳවා ඇති බව වාර්තාවේ.

මෙම සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදි අද රාත්‍රි හතට පැවැත්වෙනු ඇත.

ඒ අනුව බස්නාහිර, මධ්‍යම, දකුණ, සබරගමුව, වයඹ, උතුර මැද සහ ඌව පළාත්වල ප්‍රධාන අමාත්‍යවරුන්ට මෙන්ම එම පළාත් සභාවල සෙසු අමාත්‍යවරුන්ටද මේ සඳහා කැඳවීම් ලැබී තිබේ.

මෙදී ඉදිරි පළාත්පාලන මැතිවරණය මෙන්ම පළාතේ සංවර්ධණ කටයුතු පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට න්යමිත බව වාර්තාවේ.

Related posts

மழையுடனான காலநிலை அதிகரிக்கும் வாய்ப்பு

Mohamed Dilsad

இரு முனைகளில் இருந்து கலிபோர்னியா காட்டுத் தீயை கட்டுப்படுத்த போராட்டம்

Mohamed Dilsad

රාත්‍රී කාලයේ දී රථවාහන නැවැත්වීමට සංඥා කිරීම පිළිබඳ පොලිස් නිලධාරීන්ට අනිවාර්යය උපදෙස් මාලාවක්

Editor O

Leave a Comment