ප්‍රමුඛ පුවත 1

අක්මීමන පාසලකට බලහත්කාරයෙන් ඇතුලුවීමට ගිය පුද්ගලයෙකුට වෙඩි වැදීමෙන් ජිවිතක්ෂයට

(UTV| කොළඹ) – අක්මීමන – මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ දෙදරු පියෙකුට ආරක්ෂාවේ යොදවා සිටි හමුදා සෙබළෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඔහු මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

තම පුත්‍රයා රැගෙන යාමට බව පවසා මොහු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවී ඇති අතර , එම අවස්ථාවේ අදාළ පුද්ගලයා සහ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුව තිබේ.

පසුව මොහු හමුදා සෙබළාගේ ගිනි අවිය පැහැරගැනීමට උත්සහ කිරීමේදී අදාල වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

රාජිතට ඇප නියම වේ [VIDEO]

Mohamed Dilsad

මිලියන දෙකකට ආසන්න හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment