ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපති අද බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවට

(උදයම්,කොළඹ) – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද(24) බරපතල වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
පසුගිය 16 වනදා හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම හමුවට කැඳවා තිබුණි.නමුත් එදිනට පැමිණිය නොහැකි බව ඔහු විසින් කොමිසම වෙත දැනුම් දෙන ලදී.
ඒ අනුව අද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටිනු ඇත.
පසුගීය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ දැන්වීම් විකාශන වෙනුවෙන් රූපවාහිනි සංස්ථාවට අය විය යුතු මුදල් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් පිළිබඳ මෙහිදී ප්‍රකාශයක් ලබාදීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

ජනාධිපති කාර්යාල සේවකයින්ට පැළ ඛෙදාදීමේ වැඩසටහනක්.

Mohamed Dilsad

සැකකටයුතු ලෙස සැරිසැරූ ඩ්‍රෝන කැමරාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක්.

Mohamed Dilsad

Leave a Comment