ප්‍රමුඛ පුවත 1

කිරින්දේදී මුහුදට බිලිවූ පවුලේ මවත් අවසන් ගමන් යයි

(UTV| කොළඹ) –  පසුගියදා කිරින්ද මුහුදු වෙරළ තිරයේදි සැඩ රළ පහරට හසු වි දිවි බේරාගෙන කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හසිනි විජේසුරිය මහත්මිය ඊයේ (29) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්ව තිබේ.

ඇය නුවරඑලිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කර ඇත.

එම බැංකු ශාඛාවේ  නිලධාරින් සමඟ හසිනි විජේසුරිය මහත්මිය පවුලේ සියළුදෙනා එක්ව යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරතව සිටියදි සැඩ රල පහරට හසුව අගේ සැමියා සහ දියණියන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වුනේ පසු ගිය 22වනදාය.

එම සැඩ පහරට හසු වු හසින් විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේන් තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙතත් ඉන් කොලඹ පෞද්ගලික රෝහලක් වෙතත් ඇතුලත් කර තිබුණේ ලෙසේ හෝ ඇගේ දිවි බේරා ගැනීම සඳහාය.

නමුත් ඇය ඊයේ රාත්‍රියේ ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තද අකුණු සමග වැසි තත්වය තවදුරටත්.

Mohamed Dilsad

දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

රේගුවේ මේ වසරේ ඉලක්කය මිලියන 975ක්

Mohamed Dilsad

Leave a Comment