ප්‍රමුඛ පුවත 1

උඩුවේ ධම්මාලෝක හිමියන්ට ඇප

(උදයම්,කොළඹ)  –  පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අධිකරණය ඇප ලබා දෙයි.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මහජන පීඩාවක් ඇති කළ බවට උන්වහන්සේට චෝදනා එල්ල වූහ.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම මගින් තමන්ට පීඩාවක් සිදුවන බවට පරිසර යුක්ති කේන්ද්‍රය සහ හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ ඇතුලූ පිරිසක් මෙම නඩුව ගොනුකර තිබුණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ හමුවේ අද නඩුව කැදවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත උන්වහන්සේ මුදා හැරියහ.

පසුගිය නඩු දිනයේදී අධිකරණයට නොදන්වා විදේශ ගත වීම හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය වරෙන්තු නිකුත් කර තිබුණි.

Related posts

ලැබුණු අමාත්‍යධූර වරප්‍රසාදයක් නෙමෙයි වගකීමක් – ජනාධිපති [VIDEO]

Mohamed Dilsad

උතුරු පළාත් ලංගම සේවකයෝ වැඩ වරති.

Mohamed Dilsad

සෝදිසි මෙහෙයුම්වලදී සොයාගන්නා ආයුධ මාධ්‍ය තුල විකාශය කිරීමට වාරණයක්.

Mohamed Dilsad

Leave a Comment