ප්‍රමුඛ පුවත 1

අද මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනය

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වැඩ වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

රජය විසින් සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන තෙක් මෙලෙස සෑම සතියකම බ්‍රහස්පතින්දා දින මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට අනුව මෙය ක්‍රියාත්මක කෙරේ.

මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ අත්සන් තබා තිබේ.

ඒ අනුව විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට නියමිතය.

විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින් සහ මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කිරීමට තීරණය කර ඇති අතර අදාළ බඳවා ගැනීම සඳහා හෙට (28) නාරාහේන්පිට ශාලිකා ශාලාව වෙත පැමිණෙන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දීමක් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මානව හිමිකම් සැසි වාරයට යන ජනපති නියෝජිතයින් තිදෙනා මෙන්න..

Mohamed Dilsad

නිල ඇදුම් වෙනුවට වව්චර් පත් ලබාදීමට කැබිනට් අනුමැතිය [VIDEO]

Mohamed Dilsad

විදුලිය මිලදි ගැනීමේ ගාස්තු සංශෝධනයක්

Mohamed Dilsad

Leave a Comment