විදෙස්

ඉරානයේ මිසයිල ප්‍රහාරයට ඇමරිකාවෙන් ප්‍රති උත්තරයක්

 

(UTV| කොළඹ) – ඉරාන යුද අවි පද්ධති ඉලක්ක කරගෙන සයිබර් ප්‍රහාරයක් දියත් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එහිදී ඉරානයේ රොකට් සහ මිසයිල විදිනයන් පාලනය කරන පරිගණක පද්ධති අක්‍රිය කිරීමට සැළසුම් කර තිබෙන බවත් වාර්තා වෙයි.

ඉරානයේ දේශසීමා උල්ලංඝනය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, ඇමරිකානු ආක්‍රමණික තර්ජනයට ප්‍රබල ලෙස ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත.

ගල්ෆ් මුහුදේ ඉරාන වෙරළට ආසන්නව ගමන් ගත් ඇමරිකානු ඩ්‍රෝන් යානයක් ඉරාන මිසයිල ප්‍රහාරයකින් විනාශ කිරීමත් සමඟ දෙරට අතර පවතින්නේ දැඩි උණුසුම්කාරී වාතාවරණයක්.

එමෙන්ම ඉරානයට එරෙහිව අතිරේක ආර්ථික සම්බාධක පැනවීමටද ජනපති ට්‍රම්ප් තීරණය කර තිබේ.

මේ හේතුවෙන් කලාපයේ මහා පරිමාණ යුද්ධයක් ඇතිවුවහොත් ඉරාන සිතියම කටුගා දමනා බවටද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

Related posts

හවායි දූපත්වලට ප්‍රබල කුණාටුවක අවධානමක්

Mohamed Dilsad

ට්‍රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයි

Mohamed Dilsad

ලොව පළමු කොවිඩ් 19 එන්නතට රුසියාවේ අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment