විදෙස්

ට්‍රම්ප් චීනයට ඇගිල්ල දිගු කරයි

(UTV| කොළඹ) –  ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට චෝදනා කරයි.

ඒ වෙළද ගිවිසුමට අදාළ කොන්දේසි චීනය කඩ කර ඇති බවටයි.

තම නිෂ්පාදනවල තීරුබදු ඉහළ නංවන්නේ නම් ඇමරිකානු නිෂ්පාදන සම්බන්ධයෙන් යම් තීරණයකට එළඹෙන බවට  චීනය කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙස ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර ඇත.

ඇමරිකානු ඩොලර් බිලියන 200කින් චීන භාණ්ඩ සදහා පනවා තිබූ තීරු බදු  ඉහළ නැංවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා අවසර ලබා දුන්නේය.

එසේම  චීනය ද ඇමරිකානු නිෂ්පාදන සඳහා තීරුබදු ඉහළ නංවන බවට මේ වනවිට අනතුරු අඟවා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල් දමයි

Mohamed Dilsad

ඇමරිකානු සහ මෙක්සිකෝ ජනාධිපතිවරු දුරකථන සංවාදයක්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තානයෙන් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට තවත් ගුවන්යානා

Mohamed Dilsad

Leave a Comment