ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදය ගැන ඉන්දියාවේ බුද්ධි තොරතුරු විශ්ලේෂණය කරනවා – යුද හමුදාපති

 

(UTV| කොළඹ) –  ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ , අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකාරකම් පිළිබද ඉන්දියාව අනාවරණ කර ඇති තොරතුරු සම්බන්ධයෙන් විශ්ලේෂණය කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

මාදුරුඔය යුද හමුදා කදවුරේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට පවතින අයි.එස්. ත්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ වාර්තා පළ වීම පිළිබදව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේය.

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සදහා විදෙස් රාජ්‍යයන් සහ හමුදාවන් අතර සමීප සබදතාව අත්‍යාවශ්‍ය බවත් යුධ හමුදාපතිවරයා පෙන්වා දුන්නේය.

Related posts

සමුද්‍රීය පරිසර සභාව පළමු වරට ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

Mohamed Dilsad

දිවයින පුරා නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 38 ක්.

Mohamed Dilsad

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

Leave a Comment