ප්‍රමුඛ පුවත 1

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ

(UTV| කොළඹ) –  ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව අද සිට ජූලි 01 දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව දිවයින පුරා වැඩ සටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි ප්‍රජාපාදක විශෝධන දෙපාර්තමේන්තුව පවසයි.

එළැඹෙන 26 වැනිදාට යෙදෙන ලෝක මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව මෙරට තුළ මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් , ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිලිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමේ හා සමස්ත ශ්‍රී ලාංකිකයින් ඒ සඳහා පෙළ ගැස්වීම මෙහි අරමුණ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේය.

දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙළඹීම හා ඒවාට ඇදීයාම අවම කිරීමේ අරමුණින් ඇරඹී මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන කාර්ය වනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමයි.

මෙම වැඩපිලිවෙල යටතේ ප්‍රතිපත්ති, නීති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම, නිවාරණය සහ පුනරුත්ථාපනය යන ප්‍රධාන තේමා ඔස්සේ මේ වනවිටත් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් දියත් කර තිබෙන අතර , පළාත් 09 ම ආවරණය වන අයුරින් වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිතව ඇමතුම් ගතහැකි 1984 දුරකථන අංකය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර් ය සාධක බලකාය මගින් දැන් හදුන්වාදී තිබේ.

පුනරුත්ථාපනයට යොමු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම, ප්‍රජා විශෝධන හා මත් නිවාරණය සම්බන්ධ අත්පත්‍රිකා බෙදාහැරීමට ‍දිවයිනේ සියලු පොලිස් ස්ථාන හා විශේෂිත ඒකක මඟින් වැටලීම් හා ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඇතුළු සුවිශේෂී වැඩසටහන් රැසක් මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන උත්සවය ජුලි 01 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Related posts

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් වන සාකච්ඡාවක්

Mohamed Dilsad

නාලක සිල්වා අදත් CIDය හමුවට

Mohamed Dilsad

ජනපති ආරක්ෂකයින් පොලිස් කොට්ඨාස වෙත

Mohamed Dilsad

Leave a Comment