විදෙස්

ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ලැප් ටොප් තහනමට හේතුව

(උදයම්,ඇමෙරිකාව)  – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි.

ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට ලැප්ටොප් පරිගණක ඇතුළු ඉලෙක්ට්‍රොනික් උපකරණ රැගෙන යාම තහනම් කෙරුණි.

දෙරටේ බුද්ධි අංශයේ රහසිගත වාර්තා මගින් පෙන්වා දී ඇත්තේ ලැප්ටොප් පරිගණක වැනි ඉලෙක්ට්‍රොනික උපකරණ හරහා ගුවන් යානා තුලට බෝම්බ රැගෙන යාමේ අවධානමක් පවතින බවය.

IS ත්‍රස්ත සංවිධානය උඩු ගුවනේදී ගුවන් යානා පිපිරවීමක් සිදු කිරීමට සැලසුම් කරමින් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.

මේ හේතුවෙන් ගුවන් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඉදිරියේදී තවත් තීරණ කිහිපයකට අවතීර්ණ වීමට සැරසෙන බවට විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

Related posts

ධවල මන්දිරයේ නත්තල් ගස ආලෝකමත් කරයි(වීඩියෝ)

Mohamed Dilsad

ගෝලීය සරම්ප වසංගතයක් ගැන බියක්

Mohamed Dilsad

උතුරු කොරියාවේ බස් රථ අනතුරකින් 36ක් මරුට

Mohamed Dilsad

Leave a Comment