ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම ආරම්භ වෙයි

(UTV| කොළඹ) – අප්‍රේල් 21 පාස්කු දින රටේ විවිධ ස්ථාන ඉලක්ක කරගනිමින් සිදු කළ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා  බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (13) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සුළු මොහොතකට පෙර ආරම්භ විය.

මීට පෙර අවස්ථා තුනක දී විශේෂ කාරක සභාව රැස්වූ අතර අද කාරක සභාව රැස්වන්නේ සිව්වැනි දිනයටයි.

ඒ අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති,නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව ඇරඹිණි.

රාජ්‍ය පරිපාලන හා ආපදාකළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා පළමුව සාක්ෂි ලබාදීමට කැඳවා තිබුණි. කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා නැඟෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා ද සාක්ෂි දීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝට්ටේ නගරාධිපතිගෙන් අද ජනපති කොමිසම වෙත ප්‍රකාශයක්

Mohamed Dilsad

අඩුපාඩු නිවැරදි කරගනිමින් රට දියුණු කිරීමට ක්‍රියාකළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

දිවයිනේ සියලු පාසල් අද නිවාඩු

Mohamed Dilsad

Leave a Comment