ප්‍රමුඛ පුවත 1

ලංගම සේවකයින්ගේ වැඩ වර්ජනය අවසන්

(UTV| කොළඹ) – ජාතික සේවක සංගමයට අනුබද්ධ ශ්‍රී ලංගම සේවකයින් විසින් පෙරේදා සිට ආරම්භ කළ වර්ජනය මේ වන විට අවසන් කර ඇත.

ඒ ප්‍රවාහන අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුලු රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද (13) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මාසයක් තුළ සිය ඉල්ලීම් වලට විසඳුම් ලබාදෙන බවට ලබාදුන් එකගතා මත වර්ජනය අවසන් කිරීමට තීරණය කල බව ජාතික සේවක සංගමයේ උපලේකම්, සුනිල් ද සිල්වා සදහන් කළේය.

ශ්‍රී ලංගම සේවකයින් මෙම වර්ජනය ආරම්භ කළේ දැනට ලබාදී ඇති උසස්වීම්වලට අදාළව වැටුප් ලබාදෙන ලෙස බලකරමිනුයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

“ශ්‍රී ලංකාවේ තරුණ පරපුරට, ශිෂ්‍ය පරපුරට ඉදිරියට යාමට තිබෙන ප්‍රධාන මාර්ගය අධ්‍යාපනයයි” – අගමැති

Mohamed Dilsad

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට

Mohamed Dilsad

මාංචු වලින් අපේ අරගලය නවත්වන්න බෑ – පාඨලී [VIDEO]

Mohamed Dilsad

Leave a Comment