ප්‍රමුඛ පුවත 1

බෝ ගසක අත්තක් කඩා වැටී ළමුන් පිරිසක් රෝහලේ

(UTV| කොළඹ) – බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් සිසුන් 5 දෙනෙක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.

කුරුණෑගල,නාරම්මල, පහමුනේ ප්‍රදේශයේ පෙර පාසලක සිසුන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇත.

අද(12) උදෑසන 9 ට පමණ පෙර පාසල ආසන්නයේ තිබු වසර 150ක් පමණ පැරණි බෝ ගසක අත්තක් විශාල හඬක් සමඟ මෙලෙස කඩා වැටී ඇති අතර එක් දරුවෙකු බරපතළ තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තාවේ.

අද උදෑසන පෙර පාසලේ පැවති සිල් සමාදන් වීමේ වැඩසහටහනකින් අනතුරුව මෙම අනතුර සිදුව තිබේ.

රෝහල් ගත කර ඇති සිසුන්ට ප්‍රතිකාර ලබා දෙන බවද රෝහල් ආරංචි මාර්ග පවසයි

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

ශ්‍රී.ලං.නි.පයේ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

Mohamed Dilsad

මලයාසියාවේදී ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කරයි

Mohamed Dilsad

Leave a Comment