ප්‍රමුඛ පුවත 1

ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට සහය දීමට ජපානය සුදානම්

(UTV| කොළඹ)  –  ගෝලීය ත්‍රස්තවාදයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදීමට සූදානම් බව ජපානය පවසයි.

විදේශ කටයුතු රාජ්‍ය ඇමතිනී ටොෂිකෝ අබේ මේ බව පැවසුවේ අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී.

ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇයට කෘතවේදීත්වය පළ කළේය.

ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව යන රටවල් එක්ව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන ප්‍රතිත්‍රස්ත සැලැස්ම සම්බන්ධයෙන් ද මෙහිදී ජපාන විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරිය කරුණු පැහැදිලි කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ගැටළු ගැන අද විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ දින දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ හමුදාවේ 3ක් අද අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment