ප්‍රමුඛ පුවත 1

පොසොන් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය ධාවනයක්.

(UTV| කොළඹ) – එළැඹෙන පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුරය බලා යන සැදැහැවතුන්ගේ පහසුව උදෙසා විශේෂ දුම්රිය ධාවනයක් 14 වැනිදා සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එදින පස්වරු 12.45 , 15 වැනිදා අඑයම 03.30 ට , පෙරවරු 08.20 ට , පස්වරු 12.45 ට හා පස්වරු 06.10 ට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන බව එම දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරියේ ගාමිණී සෙනවිරත්න මහතා පවසයි.

පොසොන් පොහෝ දින අළුයම 03.30 ට , පෙරවරු 09.00 හා පස්වරු 06.10 ට දුම්රිය වාර තුනක් අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.

මිහින්තලේ රාත්‍රී පෙරහැර මෙවර නොපැවැත්වෙන අතර , සෙසු සියලු ආගමික වැඩසටහන් නියමිත පරිදි සංවිධාන කර ඇත.

ජය ශ්‍රී මහ බෝ සමිඳුන්වහන්සේ අභියස පැවැත්වෙන සති පිරිත් දේශනය හෙටින් ආරම්භ වේ.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල්වල හෙට සිට ලබන 16 වනදා දක්වා දීප ව්‍යප්ත වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුහුණු ආවරණය සහිතව පැමිණෙන්නන් පිළිබඳව පාසැල් ප්‍රධානීන්ට ලිපියක්.

Mohamed Dilsad

TITLI සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

අපරාධ රැසකට සම්බන්ධ ‘ඩීලා’ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment