ප්‍රමුඛ පුවත 1

ජනපති සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක්

(UTV| කොළඹ)  – ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් ඊයේ  (05) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ කම්කරු ක්ෂේත‍්‍ර ඇතුළු රාජ්‍ය අංශයේ සියලු ක්ෂේත‍්‍රවල පවතින ගැටලු මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නියුතු 2016 ජනවාරි 01 වන දිනෙන් පසු පත්වීම් ලැබු පිරිසට විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි වීම පිළිබඳ ගැටලුව, රාජ්‍ය සේවයේ දින 180 කට වඩා සේවය කර ඇති අනියම් / ආදේශක සහ තාවකාලික සේවකයන් ස්ථිර කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම සහ රාජ්‍ය සේවකයින්ට දෙවන භාෂා කඩඉම් පරික්ෂණය සමත්වීම පිළිබඳ විභාගයේ දී පොදු නීතියක් කි‍්‍රයාත්මක කිරීම ආදිය පිළිබඳව ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.

ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට සිදුකළ හැකි උපරිම මැදිහත්වීම තමා සිදු කරන බවයි.

සෑම වෘත්තීය සමිතියකටම ඇති ගැටලු ඊට අදාළ අදහස් සහ යෝජනා ලිඛිතව කඩිනමින් තමන් වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒවා අදාළ අමාත්‍යාංශ වෙත යොමු කර ඉදිරි පියවර සොයා බලන බව ද ප‍්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ලේකම් ලසන්ත අලගියවන්න, උප ලේකම් වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් රෝයි ද මැල් මහතා ඇතුළු සංගමයේ නියෝජිතයින් 40කට ආසන්න පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නවක රාජ්‍ය සේවකයින්ගේ පුහුණුව අත්හිටුවයි

Mohamed Dilsad

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රථවාහන ධාවනය යතා තත්වයට

Mohamed Dilsad

අගමැති කුරුණෑගලින් මැතිවරණ සටනට

Mohamed Dilsad

Leave a Comment