ප්‍රමුඛ පුවත 1

පාස්කු ප්‍රහාරයෙන් අනාථ වූ දරුවන්ට විශේෂිත ළමා අරමුදලක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් ආබාධිත වූ සහ දෙමව්පියන් මියයාම හේතුවෙන් අනාථ වූ දරු දැරියන් වෙනුවෙන් විශේෂිත ළමා අරමුදලක් පිහිටුවීමට රජය තීරණය කර ඇත.

මෙම අරමුදල රුපියල් මිලියන 500 කින් සමන්විත වන අතර රජයේ ප්‍රදානයක් ලෙස රුපියල් මිලියන 100 ක් සහ ඉතිරි මිලියන 400 ආධාරයක් ලෙසද එක් කෙරෙනු ඇති.

ප්‍රහාරයෙන් ආබාධිත වූ පුද්ගලයන්ට විදේශගතව ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය අවස්ථාවල රජය විසින් වියදම් දැරීමද මීට ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව අද (04) රැස්වන කැබිනට් මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිතයි.

වින්දිතයන්ගේ විශේෂ අවශ්‍යතා හඳුනාගැනීම සඳහා කටයුතු කිරීමටද රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

මෙම කාර්යයන් අධීක්ෂණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක්ද පත්කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම ලබන මස සිට

Mohamed Dilsad

මහජන අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයෙන් නව ෆේස්බුක් පිටුවක්.

Mohamed Dilsad

සැකකටයුතු වෑන් රථයක් පිලිබඳ පරීක්‍ෂණ

Mohamed Dilsad

Leave a Comment