ප්‍රමුඛ පුවත 1

ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම ලබන මස සිට

(UTV| කොළඹ) – ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර නිකුත් කිරීම ඔක්තෝම්බර් මස පළමු වන දා සිට ආරම්භ කිරීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ පිස්තෝල සහ රිවෝල්වර හිමියන් ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ වාර්ෂික බලපත්‍ර ලබා ගත යුතු බව ය.

කෘෂිකාර්මික කටයුතු සඳහා භාවිත කරන සුළු අවි ඇතුළු අනෙකුත් අවි සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් වාර්ෂික බලපත්‍රය ලබා ගත යුතුය.

ආරක්ෂක අමාත්‍යංශයේ මේ වන විට ලියාපදිංචි කර ඇති පිස්තෝල සංඛ්‍යාව 1341ක් වන අතර ලියාපදිංචි කර ඇති අනෙකුත් සුළු අවි සංඛ්‍යාව 15000කට අධික ය.

ගිනිඅවි සඳහා වාර්ෂික බලපත්‍ර ලබා ගැනීමේ කාලසීමාව දෙසැම්බර් 31 වන දායින් අවසන් වන අතර එම කාලසීමාවෙන් පසු බලපත්‍ර නොමැති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සරත් ෆොන්සේකාගෙන් චෝදනා.

Mohamed Dilsad

ඒ.එච්.එම්.ෆවුසි ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

අඟහරු ග්‍රහයා අද පෘතුවිය ආසනයට

Mohamed Dilsad

Leave a Comment