ප්‍රමුඛ පුවත 1

කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ) – මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා සාමාජිකයෙකු අතදන්ගුවට ගැනේ.ඊයේ(20) රාත්‍රීයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

දැනට සිදුකරමින් පවතින පරීක්ෂණවලින් අනාවරණ වූ තොරතුරුවලට අනුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන 34 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වසර 2008 මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේ පිහිටි කීත් නොයර් මහතාගේ නිවස ඉදිරිපිට දී වෑන් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් ගිනි අවි පෙන්වා පහරදී ඔහුට තුවාල සිදුකර තිබුණි.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Related posts

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

රනිල් යළි අගමැති නොකරන බව ජනපති පවසයි

Mohamed Dilsad

මෙවර ගිනිකෙළි නිෂ්පාදන මිලට ගැනීමේ අඩුවක්….

Mohamed Dilsad

Leave a Comment