ප්‍රමුඛ පුවත 1

2017 ජාතික සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

(උදයම්,කොළඹ)  – විශිෂ්ඨ ශ්‍රී ලාංකිකයින් සම්මානයෙන් පිදුම් ලබන 2017 ජාතික සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්  අද පස්වරුවේ කොළඹදී පැවැත්වේ.

මෙවර සම්මාන උළෙල පැවැත්වෙන්නේ වසර 12 කට පසුවය.

මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කර ඇති මෙරට පුරවැසියන් 90 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් සම්මාන හිමිවනු ඇත.

අද දිනයේදී  ශ්‍රී ලාංකික පුරවැසියෙකුට හිමි කරගත හැකි ඉහළම සම්මානය වන ශ්‍රී ලංකාභිමානය සම්මානය අභාවප්‍රාප්ත, ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව සූරීන් වෙත පිරිනැමෙනු ඇති බව වාර්තාවේ.

ඊට අමතරව දේශමාන්‍ය සම්මාන 10 ක්, දේශබන්දු සම්මාන 9 ක්, විද්‍යාජෝති සම්මාන 11ක්, කලාකීර්ති සම්මාන 22ක්, ශ්‍රී ලංකාශිඛාමනී සම්මාන 7ක්, විද්‍යානිධි සම්මාන 10ක් මෙහිදී පිරිනැමීමට නියමිතය.

කලාශූරී සම්මාන 14ක්, ශ්‍රී ලංකාතිලක සම්මාන 2ක් සහ වීරප්‍රතාප සම්මාන 2 ක්ද ජනාධිපතිවරයා අතින් මෙහිදී පිරිනැමෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නඩුවට දින තීන්දු වෙයි

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ට ජනපති කොමිසමින් සිතාසි

Mohamed Dilsad

Leave a Comment