ප්‍රමුඛ පුවත 1

හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නඩුවට දින තීන්දු වෙයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මාර්තු මස 12 සහ 13 යන දිනවල විභාගයට ගන්නා ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබීය.

ඒ මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එදින සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද විනිසුරුවරයා උපදෙස් ලබාදුන්නේය.

2016 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයෙකු පැහැරගෙන ගොස් සිරකර තබා ඔහුට හිරිහැර සිදුකළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව චෝදනා එල්ල වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන්ට වරෙන්තු නියෝගය ලබා දෙන දිනය මෙන්න

Mohamed Dilsad

නායකත්වය ගැන හෙට එජාප විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment