ප්‍රමුඛ පුවත 1

අත්අඩංගුවට ගත් නීතිඥවරිය ඇප මත මුදාහරි.

(UTV| කොළඹ) – කොළඹ උපරිමාධිකරණ පිවිසුම් දොරටුවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කොට එම නිලධාරිනියට සුළු තුවාල සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රේමනී පොතුපිටිය නැමති නීතිඥවරිය ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඊයේ (28) දින කොළඹ මහාධිකරණ පිවිසුම් දොරටුව තුළින් ගමන් කිරීමට උත්සාහ කළ මෙම නීතිඥවරිය පරික්ෂා කළ අවස්ථාවේදී ඇය විසින් එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරිනියකගේ රාජකාරියට බාධා කර ඈයට සුළු තුවාල සිදුකර ඇති බව පොලිසිය අද (29) අධිකරණයට දන්වා තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සැකකාර නීතිඥවරිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ අතර නඩුව නැවත ජුලි මස 02 වනදා කැඳවීමටද නියම කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගත වු පැය 24 ක තුල මැතිවරණ පැමිණිලි 46ක්

Mohamed Dilsad

සරසවි සිසුන් අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

මෙරට ජලාශවල ජලජ ශාක වගා කිරීමට පුද්ගලික අංශයට ආරාධනා

Mohamed Dilsad

Leave a Comment