ප්‍රමුඛ පුවත 1

නීතිඥවරියක් අත්අඩංගුවට

(UTV| කොළඹ)  – අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණයේදී නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ එම අධිකරණ සංකීර්ණයේ රාජකාරී කටයුතුවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කර, තුවාල සිදුකිරීම යන චෝදනා යටතේය.

අධිකරණ සංකීර්ණයට ඇතුළු වන අවස්ථා පරීක්ෂා කිරීමේ කටයුත්තකදී නීතිඥවරිය විසින් පොලිස් කොස්තාපල්වරිය සූරා, තුවාල සිදුකර ඇති බවට නීතිඥවරියට චෝදනා එල්ල වී ඇත.

අදාළ චෝදනා යටතේ එම නීතිඥවරිය අද පෙරවරුවේ කෙසෙල්වත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව  පොලිසිය පවසයි.

තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරිය අද අධිකරණය වෛද්‍ය නිලධාරීවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හයිලෙවල් මාර්ගය එක් මංතීරුවකට සීමා වෙයි

Mohamed Dilsad

හික්කඩුවේදී අනතුරට ලක්වූ ධීවර යාත්‍රාව සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

අද සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment