ව්‍යාපාරික

ඉදිරියේදි මුං ඇට රටකජු ගෙන්වීම සම්පුර්ණයෙන් නවත්වනවා – ඇමති හැරිසන්

(UTV|අනුරාධපුරය)  – ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව  කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය  පී හැරිසන්  මහතා පවසයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වරයා මේ පිළිබඳව පැවසීය.එහිදී වැඩිදුර අදහස් දැක්වු අමාත්‍ය වරයා.
“අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර පහලොස්දාහක විශේෂ ව්‍යාපෘතියක් මඟින් මුං වගා කිරීමට බලාපොරොත්තු වෙනවා ඉන් පසුව ලබන වර්ශයේ සිට මුං ඇට ආනයනය කිරීමට අවශ්‍යය වන්නේ නෑ. ඉකුත් වර්ශයේ මෙට්‍රික් ටොන් දහදාහක් පමන අප ගෙන්වලා තියෙනවා”.
“හම්බන්තොට ඒ නව ව්‍යාපෘතිය සමඟ ඉදිරියේදී මුං ඇට ආනයනය ට අවශ්‍යය වන්නේ නැ .ඒ වගේම යාපනය ,මුලතිව් ,කිලිනොච්චි දිස්ත්‍රික්ක වල කෘෂි නවීකරනය ව්‍යාපෘතිය මගින්  රටකජු වගා කරලා තියෙනවා. එහි අස්වැන්න මෙට්‍රික් ටොන් තුන්දාහක් පමන බලාපොරොත්තු වෙන්න පුලුවන්”.
“දැන් සම්පූර්ණයෙන්ම මෙරටට උඳු ගෙන්වීම සම්පූර්ණයෙන්ම නතරවෙලා තියෙනවා. උඳු ගෙන්වනවානම් රු දෙසියක බද්දක,පාඩුවට තමයි ගෙන්වන්න වෙන්නේ . පිටරටින් උඳු ගෙන්වීම නැවැත්වීම අප ලැබූ ජයග්‍රහණයක් වන අතර ඒක අපේ රටේ උඳු ගෙවියා නඟා සිටුවීමට ලොකු අත්වැලක්” .
“විශ්වවිද්‍යාල මහාචාර්ය වරු කෘෂි විද්‍යාඥයින්ට මම උපදෙස් දුන්නා රටට අවශ්‍ය කෘෂිකාර්මික දත්ත සකසන්න කියලා .. ආනයනය කලයුතු බෝග, මෙරට නිෂ්පදනය කල යුතු ප්‍රමානය කොහොමද කියලා තීරනය කරන්න ගොවීන් දැනුවත් කරන්න”.
අපි ඉදිරි සතිය තුළ වැඩසටහනක් සකසනවා.අපි පර්යේෂණ කරලා සොයගත් ඇතැම් දේ ගොවියා වෙත දැනුවත් කිරීමේ යාන්ත්‍රණය ක් තවම ගොඩනැගිලා නෑ.
“යල් කන්නයටත් මාස තුන හතරක් කාලය ගතවන වී වගා කරනවා. නමුත් අපි පර්යේෂණ කරලා අපේ රටේ මාස දෙකහමාරේ පූදින වී හෙයාගෙන තියෙනවා නමුත් ඒ සොයාගැනීම් ගොවියා වෙත යන්නේ නෑ අපි ඒ සඳහා යාන්ත්‍රණයක් හදනවා”.
අනුරාධපුර පසු අස්වනු තාක්ෂණ ආයතනයේ පැවති මෙම අවස්තාවට වාරිමාර්ග අධ්‍යක්ෂ මොහාන් රාජා ඇතුලු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Related posts

කුකුළු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 2018 සම්මන්ත්‍රණය අද ඌව වෙල්ලස්ස සරසවියේදී

Mohamed Dilsad

ලංකා බැංකුව, අලුත් අවුරුදු සමයේ, රුපියල් බිලියන 666ක ගනුදෙනු කරමින් වාර්තාවක් තබයි.

Editor O

සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් ආනයනය කිරීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment