ප්‍රමුඛ පුවත 1

අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව නෞකා සයුරළ නෞකාවේදී

(UTV|කන්කසන්තුරේ)  – ශ්‍රී ලංකා – ඉන්දීය නාවික හමුදා නියෝජිතයින් අතර වාර්ෂිකව පවත්වනු ලබන අන්තර්ජාතික මුහුදු සීමා සමුළුව ඊයේ (24) පැවැත් වුණි.

කන්කසන්තුරයට උතුරින් වූ ඉන්දු ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේදී මෙම සමුළුව පවත්වා ඇත.

මෙම වාර්ෂික සමුළුව, දෙරටෙහි නාවික හමුදා සහ වෙරළාරක්ෂක බලකායන් අතර අවබෝධය වර්ධනය කර ගැනීම තුළින් මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම වෙනුවෙන් පැවැත්වූණි.

30 වන වරටත් පවත්වන ලද මෙම සමුළුවේදී,  ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දියානු කලාපයේ මුර සංචාරය වැඩි දියුණු කිරීම, නීති විරෝධී ක්‍රියාවන් අවම කිරීම සම්බන්ධයෙන් ඉන්දියානු බලධාරීන් විසින් ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීම, කලාපය තුළ ජාවාරම් කටයුතු අවම කිරීම සඳහා දෙපාර්ශවයන් අතර නිසි සන්නිවේදන ජාලයක් ස්ථාපිත කිරීම, රටවල් දෙක අතර තොරතුරු හුවමාරු යන්ත්‍රණයක් හඳුන්වා දීම ආදී විශේෂිත කරුණු කිහිපයක් සාකාච්ජා කර තිබේ.

එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කල බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තමා මේ රටේ ජනාධිපති ධුරයට පත්වූනේ ජනතාව ආරක්ෂා කිරීමටයි – ජනපති

Mohamed Dilsad

ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණ අතර සාකච්ඡා

Mohamed Dilsad

වාද්දූව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment