ප්‍රමුඛ පුවත 1

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

(UTV| කොළඹ) – නාවික හමුදාව සහ ‍මන්නාරම පොලීසිය එක්ව අද (23) සිදුකළ සෝදිසි කිරීමකදි වංලගු අවසරපත් නොමැතිව හක් බෙල්ලන් 2500 ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම, තාරපුරම් හන්දියේ යොදා ඇති මාර්ග බාධකය අසලදි කැබ් රථයක් පරික්‍ෂා කර ඇති අතර, එහිදී මෙම හක් බෙල්ලන් තොගය හමුවී ඇත.

එම හක් බෙල්ලන් තොගය පේසාලේ සිට මන්නරම දක්වා ප්‍රවාහනය කරමින් තිබියදි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 50 ක් වන මන්නරම, පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව මීළඟ පාර්ලිමේන්තු සැසියේදී

Mohamed Dilsad

අන්තර්ජාතික කෘෂිකාර්මික පර්යේෂණ සමුළුව-2018 අද (13) කොළඹ දී

Mohamed Dilsad

Leave a Comment