ප්‍රමුඛ පුවත 1

මාකොළදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

(UTV| කොළඹ) – සපුගස්කන්ද, මාකොළ දකුණ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ගෙළ කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඉදිකරමින් පවතින නිවසක වැඩ කරන සේවකයින් පිරිසක් මත්පැන් පානය කිරිමේදී ආරවුලක් හට ගෙන තිබේ.

එය දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුගේ ගෙළ තියුණු ආයුධයකින් කපා ඇති බව පොලීසිය පැවසීය.

මියගොස් ඇත්තේ ඇකිට්හාල්දෙණිය, අංහෙට්ටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු පළාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සපුගස්කන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක ජනගහන දිනය අදයි

Mohamed Dilsad

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

Mohamed Dilsad

අද සංවර්ධන නිලධාරීන් පිරිසක් වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment