ප්‍රමුඛ පුවත 1

ශ්‍රී පාද වන්දනා සමය අවසන් කෙරේ

(UTV|රත්නපුරය) – මෙවර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කළ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පවසති.

ඒ  උඩ මලුවේ පැවති විශේෂ පූජා කිහිපයකින් අනතුරුවය.

උඩ මලුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණවලින් කොටසක් රත්නපුර රජ මාවත ඔස්සේ පැල්මඩුල්ල දක්වා වැඩමකරවීම අද උදෑසන 8.15 ට ආරම්භ කෙරුණි.

ඉන්පසුව ශ්‍රී පාද උඩමලුවේ සිට නල්ලතන්නියට බෞද්ධ මධ්‍යස්ථානය දක්වා පැමිණ පැල්මඩුල්ල රජ මහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිත අතර  සදාතුක කරඩුව සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ අද රාත්‍රී සිට හෙට අලුයම දක්වා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර හෙට අලුයම තවත් රිය පෙරහරක් මගින් ඒවා පැල්මඩුල්ල ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩමකරවීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මිලියන 24ක හෙරොයින් සමඟ විදේශිකයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

මන්ත්‍රී විමල්ට එරෙහි වත්කම් නඩුව කල් යයි

Mohamed Dilsad

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 14ක් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment