ප්‍රමුඛ පුවත 1

ජාතික රණවිරු සැමරුම අදයි.සාමයේ පහනක් දල්වන ලෙස ඉල්ලීමක්

(UTV| කොළඹ) – 30 වසරක කුරිරු යුද්ධය අවසන් කර වසර 10 ක්වි සැපිරීම නිමිත්තෙන් රණවිරුවන් සිහිපත් කිරීම සඳහා රණවිරු සැමරුම් උත්සවය අද(19) පැවැත්වේ.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙනි.

අද පස්වරුවේ බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී මෙම රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතය.

රණවිරු සැමරුම සඳහා මියගිය සහ අබාධිත තත්ත්වයට පත් වු රණවිරුවන්ගේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිත බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසයි.

මේ අතර කුරිරු යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිපත්අ කරමින්ද  පස්වරු 7.00ට සියලු ආගමික ස්ථාන, ආයතන සහ නිවාස ඇතුළු ස්ථානවල සාමය වෙනුවෙන් පහනක් දල්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

රණවිරු සැමරුමට සමගාමීව ලබන 22 වන දින දක්වා වැඩසටහන් රැසක්ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 අයවැය සදහා අනුමැතිය ලබාගැනීමේ පත‍්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට.

Mohamed Dilsad

ඉන්ධන මිල ඉහළට.

Mohamed Dilsad

සීමාවකින් තොරව රජයේ සහතික මිලට වී මිලදී ගැනීමට සුදානම් -ඇමති හැරිසන්

Mohamed Dilsad

Leave a Comment