ප්‍රමුඛ පුවත 1

සහරාන් හෂීම්ගේ DNA වාර්තාව ලබාගැනීමට සියලු කටයුතු සුදානම්

(UTV| කොළඹ) – ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ DNA වාර්තාව ලබාගැනීම සඳහා සියළු කටයුතු සුදානම් කර තිබේ.

පසුගිය සිකුරාදා වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහරාන්ගේ බිරිඳගේ සහ දියණියගේ රුධිර සාම්පල ලැබී තිබුණි.

ඒ අනුව සහරාන්ගේ DNA වාර්තාව හෙට හෝ අනිද්දා සකස් කර අධිකරණයට ඉදිරිපත් කල හැකි වෙතැයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් සහ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සදහා DNA වාර්තාවක් කැදවන ලෙස අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දුන්නේ පසුගිය 9 වනදාය.

එම නියෝගය අනුවයි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන්ගේ බිරිඳ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

Leave a Comment