ප්‍රමුඛ පුවත 1

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

(UTV| කොළඹ) – ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන් පදනම් කරගනිමින් වයඹ පළාතට ඊයේ පස්වරු 6 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(15) උදෑසන 6 ට ඉවත් කෙරුණි.

ගම්පහ පොලිස් කොට්ඨාශයට ද ඊයේ රාත්‍රී 7 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6 ට ඉවත් කෙරුණු බව පොලිසිය පවසයි.

මේ අතර දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ඊයේ රාත්‍රී 9 සිට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 4ට අවසන් කෙරුණි.

මේ අතර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර  මහතා කියා සිටියේ මෙම ප්‍රචන්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයින් 60 දෙනෙකුට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

කොරෝනා ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

දිවයිනටම පණවා තිබූ ඇඳිරි නීතිය ඉවතට

Mohamed Dilsad

Leave a Comment