ප්‍රමුඛ පුවත 1

වෙසක් සතිය නොපැවැත්වීමට රජයෙන් තීරණයක්

(UTV| කොළඹ) – මෙවර වෙසක් සතියක් ක්‍රියාත්මක නොකරන බව රජය පවසයි.

ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී මෙම තීරණය ගත් බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.

මීට අමතරව මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ, දන්සල් ඇතුළු කටයුතු සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අංශවල උපදෙස් ලබා ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.

දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී මෙවර වෙසක් ජාතික උත්සවය පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මොරටුව ප්‍රදේශයෙන් අත් බෝම්බ සොයාගැනේ

Mohamed Dilsad

මෙරට තවත් ආසාදිතයින් තිදෙනෙක් සුවය ලබයි

Mohamed Dilsad

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

Leave a Comment